අගාවුඩ් ශාකයක් තුල ස්වාභාවිකව අගාවුඩ් නිපදවෙන්නේ කෙසේද ?


අගාවුඩ් රෙසිනය ශාකය තුල  නිර්මාණය වීමේ ක්‍රියාවලිය ඇක්විලේරියා අගාවුඩ් ගස්වල හදවත තුළ සිදුවන සිත් ඇදගන්නාසුළු හා සංකීර්ණ ස්වභාවික ක්‍රියාවලියකි. මෙම ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස අද්විතීය ඇරෝමැටික ගුණ සහිත ඉතා වටිනා දුම්මලයක් වන Agarwood නිර්මාණය වේ. අගාවුඩ් සෑදීමේ ස්වාභාවික ක්‍රියාවලිය අවබෝධ කර ගැනීමෙන් මෙම මිල අධික  ද්‍රව්‍යය නිශ්පාදනය දායක වන සාධක පිළිබඳ අවබෝධයක් ලබා ගත හැක.


අගාවුඩ් ශාකයක් තුල අගාවුඩ් රෙසිනය නිර්මාණයවීමේ ස්වාභාවික ක්‍රියාවලිය ආරම්භ වන්නේ අගාවුඩ් ශාකයක් විවිධ උත්තේජක හෝ තුවාල වලට ලක් වූ විටය. මෙම උත්තේජකවලට සුළං හැමීම , අකුණු සැර වැදීම හෝ සතුන් හෝ තණකොළ වලින්  අගාවුඩ් ශාකයට සිදුවන භෞතික හානි මෙන්ම නියඟය, අධික හිරු එළිය හෝ උෂ්ණත්ව වෙනස්වීම් වැනි පාරිසරික සංසිද්ධි ද බලපායි. මෙම සිදුවීම් නිසා අගාවුඩ් ශාකය විසින් තමාගේ  ආරක්ෂාව උදෙසා විවිධ  යාන්ත්‍රණයන් ආරම්භ කිරීමට ස්වයං පෙළඹීමක් ඇති කරගන්නා අතර එය ශාකය තුල අගාවුඩ් නිශ්පාදනය කිරීම කෙරෙහි  අඩිතාලම යොදයි.


කිසියම් සිදුවීමක් නිසා අගාවුඩ් ශාකය තුවාල වූ විට හෝ ආතතියට පත් වූ විට, ශාකය විසින් සිදුකරන ස්වයං ආරක්ෂිත යාන්ත්‍රණයක් ලෙස අගාවුඩ් ශාකය විසින් ලොව ඉතා වටිනා අගාවුඩ් දුම්මල මුදා හැරීම මගින් එම වෙනස්වීම් සදහා ප්‍රතිචාර දක්වයි. 

අගාවුඩ් ශාකය තුල හටගන්නා අගාවුඩ් දුම්මල උපතින් අවර්ණ සහ කිසිදු සුවදක් නොමැති ද්‍රව්‍යයක් වූවත් කාලයත් සමඟ ශාකය තුල හටගන්නා මෙම දුම්මල වල සිදුවන   පරිවර්තන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස ලොව අමිල වටිනාකමකින් යුතු අගාවුඩ්  සෑදේ. 

මෙලස නිර්මාණය වන අගාවුඩ් දුම්මල ක්‍රමක්‍රමයෙන් ශාකය තුල එකට එක්‍ රැස් වෙයි.


අගාවුඩ් ශාකය තුල දුම්මල  සෑදීමේ ක්‍රියාවලියේදී ශාකය තුළ විවිධ ජෛව රසායනික ප්‍රතික්‍රියා සිදු වේ. අගාවුඩ් හි ඇති දුම්මල සංයෝග ඔක්සිකරණය, බහුඅවයවීකරණය සහ ශාකය තුල සිදුවන රසායනික ක්‍රියාවලීන් වල ප්‍රතිඵලයක් ලෙස මෙම සංකීර්ණ ඇරෝමැටික සංයෝග වර්ධනය වන අතර එමඟින් අගාවුඩ් වලට එයට ආවේණික අද්විතීය සුවඳ සහ ගුණාංග ලබා දේ.


අගාවුඩ් ශාකය තුල අගාවුඩ් නිර්මාණයවීමේ ක්‍රියාවලියේ කාලසීමාව ප්‍රභේදයෙන් ප්‍රභේදයට සැලකිය යුතු ලෙස වෙනස් විය හැක. එම කාලය  මාස කිහිපයක් සිට වසර කිහිපයක් දක්වා වෙනස් වීමට හේතුව අගාවුඩ් නිශ්පාදනයවීමේ ක්‍රියාවලියට හේතු වන ශාකයට සිදුවන තුවාල හෝ ආතතියේ බරපතලකමයි.

එමෙන්ම පාරිසරික තත්ත්වයන් වැනි සාධක ද ශාකය තුල අගාවුඩ් සෑදීමේ වේගය හා ප්‍රමාණය කෙරෙහි බලපෑම් කළ හැකිය.


එන්නත් කිරීමෙන් තොරව ස්වාභාවිකව අගාවුඩ් නිශ්පාදනය වීමේදී සෑම අගාවුඩ් ශාකයකම අගාවුඩ් සෑදීම සිදු නොවන බව සැලකිල්ලට ගැනීම වැදගත් වේ.

ශාකය තුල අගාවුඩ් නිෂ්පාදනය කිරීමේ හැකියාව විවිධ විශේෂයන් සහ එකම විශේෂ තුළ ඇති තනි ගස් අතර වෙනස් වේ. මෙම ස්වභාවික වෙනස්වීම් ද වෙළඳපොලේ ඇති අගාවුඩ් වල විවිධත්වය සහ සුවිශේෂත්වය සඳහා බලපෑම් ඇති කරයි.


  • අප ආයතනය මඟින් අගාවුඩ් වගාවේ සියළුම සේවාවන් ලබා ගැනීමට දැන් ඔබට හැකියාව ඇත.



How is agarwood produced naturally in an agarwood plant?


The process by which agarwood resin is created within the plant is a fascinating and complex natural process that takes place in the heart of Aquilaria agarwood trees. This process results in the creation of Agarwood, a highly valuable resin with unique aromatic properties. Understanding the natural process of agarwood formation can provide insight into the factors that contribute to the production of this expensive material.


The natural process of creating agarwood resin in an agarwood plant begins when an agarwood plant is subjected to various stimuli or injuries. These stimuli are influenced by wind, lightning or physical damage to the agarwood plant by animals or grass, as well as environmental phenomena such as drought, excessive sunlight or temperature changes. Due to these events, the agarwood plant self-motivates to initiate various mechanisms for its own protection, which lays the foundation for the production of agarwood in the plant.


When the agarwood plant is injured or stressed due to any event, the agarwood plant responds to those changes by releasing the world's most valuable agarwood resin as a self-protective mechanism.

Although the agarwood resin that occurs in the agarwood plant is a colorless and odorless substance by birth, as a result of the transformation process of these resins that occur in the plant over time, agarwood is formed which has a priceless value in the world.

The agave resin that forms in the molasses gradually gathers together in the plant.


During the resin formation process in the agarwood plant, various biochemical reactions take place inside the plant. The resin compounds in agarwood are oxidized, polymerized, and chemical processes within the plant result in the development of these complex aromatic compounds that give agarwood its unique aroma and properties.


The duration of the agarwood formation process in the agarwood plant can vary considerably from variety to variety. The reason the period varies from a few months to a few years depends on the severity of the injury or stress to the plant that causes the agarwood production process.

Also factors such as environmental conditions can influence the rate and amount of agarwood formation in the plant.


When producing agarwood naturally without inoculation it is important to note that not every agarwood plant will produce agarwood.

The ability to produce agarwood within the plant varies between different species and individual trees within the same species. These natural variations also have implications for the diversity and uniqueness of agarwood on the market.