අගාවුඩ් ශාකයේ ප්‍රධානතම නිශ්පාදන ඵලය වන අගාවුඩ් තෙල් වලින් මූලිකවම නිපදවෙන්නේ සුවද විලවුන්ය. වචනයෙන් විස්තර කල නොහැකි තරමේ ඉතා දුලබ සුවදක් ඇති අගාවුඩ් සුවද විලවුන් වල වෙළෙඳපොළ වටිනාකමද වචනයෙන් විස්තර කළ නොහැක .
වාණිජමය මට්ටමින් අගාවුඩ් නිශ්පාදනය කරන ප්‍රධානතම රටවල් වන්නේ චීනය,වියට්නාමය,ඕස්ට්‍රේලියාව,ඉන්දුනීසියාව,ලාඕසය ,මැලේසියාව,මියන්මාරය,සිංගප්පූරුව,ඉන්දියාව හා තායිලන්තයයි.වර්ථමානය වන විට ශ්‍රී ලංකාව ද ඒ අතරට එක් වෙමින් පවතී. වසර 2000ක පමණ ඉතිහාසයක් ඇති අගාවුඩ් වෙලදාමේ පාරිභෝගික මධ්‍යස්ථාන පිහිටා ඇත්තේ මැදපෙරදිග හා නැගෙනහිර ආසියාවේය.
ඒ ඒ රට වලින් එකතු කරගන්නා ලද අගාවුඩ් ඵලදාවෙන් නිපදවෙන සුවදවිලවුන් වැඩි වශයෙන් භාවිතා වන්නේ ඊසානදිග ආසියාව,ජපානය,කොරියාව,තායිවානය,බටහිර ආසියාව හා මැදපෙරදිග වැනි රටවලයි.අගාවුඩ් සුවදවිලවුන් මානසික ආතතිය අවම කර ගැනීම සදහා යහපත් දායකත්වයක් ලබා දෙයි.
අගාවුඩ් සුවද සෑදී ඇත්තේ සුවද අණු 150ක් එකට සබැඳීමෙනි.මෙසේ අණු විශාල ප්‍රමාණයක් එකට එක්වී මෙසේ අගාවුඩ් සුවද නිපදවෙන යාන්ත්‍රණය සංකීර්ණ ක්‍රියාවලියකි.
අගාවුඩ් සහ අගාවුඩ් ආශ්රිත නිශ්පාදන වල ඇස්තමේන්තුගත වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 6ත් 8ත් අතර අගයක් ගන්නා අතර අගාවුඩ් සුවදවිලවුන් මිලිලීටර 50ක් $100 සිට $500 අතර මිලකට වෙළෙඳපොළ තුල අලෙවි වෙයි.
Agarwood oil, which is the main product of the Agarwood plant, is used to make perfumes. The market value of Agarwood perfumes, which have an indescribable fragrance, cannot be described in words.
The main countries that produce agarwood commercially are China, Vietnam, Australia, Indonesia, Laos, Malaysia, Myanmar, Singapore, India and Thailand. Currently, Sri Lanka is joining them. With a history of around 2000 years, Agarwood trade's customer centers are located in the Middle East and East Asia.
Medicinal herbs collected from agarwood fruits are mostly used in countries like Northeast Asia, Japan, Korea, Taiwan, West Asia and the Middle East.
Agarwood fragrance is made by linking together 150 fragrance molecules. The mechanism by which a large number of molecules are joined together to produce agarwood fragrance is a complex process.
The estimated value of agarwood and agarwood-related products is between 6 and 8 billion US dollars, and 50 milliliters of agarwood salve is sold in the market for between $100 and $500.
0 Comments