සාමාන්‍ය මුහුදු මට්ටමේ සිට මීටර 750කට වැඩි කදුකර ප්‍රදේශවල දී උචිත පරිසර තත්ත්වයන් උපයෝගී කර ගනිමින් හොදින් දළු ලා වැඩෙන අගාවුඩ් ශාකය වාණිජමය මට්ටමින් වගා කිරීමේ දී සැලකිය යුතු කරුණු කාරණා කෙරෙහි අවධානය යොමු කිරීම, වගා කටයුතු කෙරෙහි යොමු වීමට පෙර වගාකරුවා විසින් සිදු කිරීම අත්‍යාවශ්‍ය වේ.
වගා බදුනක් තුල පෝශණය ලබන අගාවුඩ් බීජයෙන් පියලිවිදා නැගෙන අගාවුඩ් පැළෑටිය වගාබිම් ගතකිරීමේදී වගා බදුන සමග පැළෑටියේ උස සෙන්ටිමීටර 120ක් පමණ විය යුතුය . පැළයේ උස පමණක් සෙන්ටිමීටර 60ත් 90ත් අතර අගයක් විය යුතුය .
පැළෑටිය මහ පොලොවේ වගා කිරීමේ දී පැළය සිටුවන කුහරයේ දිග×පළල×උස සෙන්ටිමීටර 40×40×40 ප්‍රමාණයක් ගත යුතු අතර අගාවුඩ් පැළය සිටුවීමේ දී පොහොර යෙදීමද සිදු කල හැක. කාබනික පොහොර ලෙස ගොම වැනි ද්‍රව්‍ය යෙදිය හැකි අතර, TSP (ත්‍රිත්ත්ව සුපර් පොස්පේට්)යෙදීම මගින් ශාකයේ වර්ධනයට අවශ්‍ය පොස්පේට් පසට එක් කිරීම සිදු කරනු ලබයි. සිටුවන අගාවුඩ් පැළෑටි දෙකක් අතර දුර පරතරය අවම වශයෙන් අඩි 8x8 හෝ 8x10ක් විය යුතුය.
කුඩා කාලයේදී අගාවුඩ් පැළය සෙවණ ප්‍රිය කරන අතර මෙම කරුණු උපයෝගී කර ගනිමින් සෙල්සියස් අංශක 27-32 උෂ්ණත්ව පරාසයක් හා වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 1600-2400 අගයකදී වාණිජමය ලෙස වගාබිම් ගත කරන ලද අගාවුඩ් පැළෑටිය හොදින් දළු ලා වැඩෙයි.
It is essential for the grower to pay attention to the important issues in the commercial cultivation of the agarwood plant, which grows well in the mountainous areas above 750 meters from the average sea level, using the appropriate environmental conditions, before focusing on the cultivation activities.
The agarwood plant that sprouts from the agarwood seed that is nourished in a cultivation bed, the height of the plant with the cultivation bed should be about 120 cm. Only the height of the plant should be between 60 and 90 cm.
When growing the plant in the ground, the length×width×height of the hole where the plant is planted should be 40×40×40 cm and fertilizer can also be applied while planting the agarwood plant. Materials like dung can be applied as organic fertilizers, and TSP (Triple Super Phosphate) is used to add phosphate to the soil, which is necessary for plant growth. Spacing between two agarwood plants should be at least 8x8 or 8x10 feet.
The agarwood plant likes shade when young and using these facts, the agarwood plant grown commercially in a temperature range of 27-32 degrees Celsius and an annual rainfall of 1600-2400 mm grows well.
0 Comments