අගාවුඩ් ශාකය කෙරෙහි රෝගකාරක වල බලපෑම





              ලොව අධික වටිනාක්මකින් යුතුව වාණිජමය මට්ටමින් වගා කෙරෙන අගාවුඩ් ශාකය කෙරෙහි ආසාදනය විය හැකි රෝගී තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කිරීමේ දී ලොව පළමුවරට ක්‍රි.ව.2000  වසරේදී ඉන්දයාවේ ඇසෑම් ප්‍රදේශයෙන් වාර්තා වී ඇති රෝගී තත්ත්වය වන්නේ ශාකයේ මුල් කුණුවීමේ රෝගයයි.

Phytophthora නම් වූ පරපෝෂිතයා විසින් මෙසේ අගාවුඩ් ශාකයේ මූල පද්ධතිය කෙරෙහි හානි පමුණුවන බව සොයාගෙන ඇත.


තෙත් සහ ජලජ පරිසර වලදී මෙම phytophthora බැක්ටීරියාව සීඝ්‍රයෙන් පැතිරී යන අතර මෙම රෝගය වැළදීම නිසා ශාකයේ මුල් පද්ධතිය දුර්වල වීම හේතු කොට ගෙන ශාකය වෙත පෝෂ්‍යපදාර්ථ අවශෝෂණය වීමේ හැකියාව ක්‍රම ක්‍රමයෙන් මූල පද්ධතියට අහිමි කරයි.

අවසානයේ දී පෝෂණ ඌණතාවය හේතුවෙන් ශාකය මිය යයි.


රෝගය පාලනය කිරීම සදහා වගාබිමෙහි පාංශු කලමනාකරණය කිරීමද කල යුතුය.

'කුරේටර්' නම් වූ රසායනිකය යෙදීමෙන් මෙම රෝගය සමනය කල හැක.


අගාවුඩ් ශාකයේ ශාක පත්‍ර xanthomonas campestris වැනි බැක්ටීරියා ආසාදනයන් හේතු කොට ගෙන පත්‍ර වල ලප ඇති වීම සහ අංගමාරය වැනි රෝගී තත්ත්ව වලට ගොදුරු විය හැක.

මේ නිසා ප්‍රභාසංස්ලේෂණය ක්‍රියාවලිය අඩපණ වීමෙන් ,ප්‍රභාසංස්ලේෂණයේ අතුරු ඵලය වන ඔක්සිජන් නිශ්පාදනය කෙරෙහි ද ප්‍රධානවම බලපෑම් ඇති කරයි.එමෙන්ම මේ හේතුව  ශාකයේ නීරෝගී බව කෙරෙහි ද හානි පමුණුවයි.


ලොව වටිනා ශාකයක් වන මෙම අගාවුඩ් කර්මාන්තය කෙරෙහි බලපාන තවත් එක් පළිබෝධකාරකයෙකු වන්නේ 'ඇම්බ්‍රෝසියා' නම් කුරුමිණි විශේෂයයි.මේ කෘමි විශේෂය නිසා ශාකයට ඇති වන හානිය පිලිබඳවද දැඩි අවධානයක් යොමු කල යුතුය.


මක්නිසාදයත්  මෙම ඇම්බ්‍රෝසියා කුරුමිණියා වැනි කෘමි විශේෂ ප්‍රධාන වශයෙන්ම හානි ගෙන දෙන්නේ අගාවුඩ් ශාක කදටයි.මෙම පළිබෝධකයින් ගසේ කද සිදුරුකර කදට ඇතුළු වන අතර මෙසේ ඇතුළුවීම නිසා ඇති වන සිදුරු වලින් රෝගකාරකයන් කද තුලට ඇතුළු වේ. රෝග ආසාදනය වීම ශාකයේ ඵලදායීතා මට්ටම කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරයි.


සමනළ විශේෂන් විසින් අගාවුඩ් ශාක පත්‍ර ආහාරයට ගැනීම නිසා ශාක පත්‍රය හානි වීමද කෘමි විශේෂයක් නිසා ශාකයට ඇතිවන හානියක් ලෙස පෙන්වාදිය හැක.


මෙම වටිනා අගාවුඩ් ශාකයේ තවත් දැකිය හැකි ආසාදන තත්ත්වයක් වන්නේ ශාක පත්‍ර රෝල් වීමයි.

එමෙන්ම ශාක පත්‍ර හැලීයාම ද අගාවුඩ් ශාකයේ දැකිය හැකි ආසාදන තත්ත්වයක් වන අතර මේ සදහා විවිධ හේතු    ගෙනහැර දැක්විය හැක . Effect of pathogens on agarwood plant In drawing attention to the diseases that can infect the agarwood plant, which is cultivated commercially at a high value in the world, the disease that has been reported for the first time in the world in the year 2000 AD is the root rot disease of the plant. The parasite called Phytophthora has been found to cause damage to the root system of the agarwood plant. This phytophthora bacterium spreads rapidly in wet and aquatic environments and due to this disease, the plant's root system is weakened and the plant's ability to absorb nutrients is gradually lost to the root system. Eventually the plant dies due to nutrient deficiency. To control the disease, soil management should also be done in the cultivated land. This disease can be alleviated by applying a chemical called 'curator'. Foliage of agarwood can be susceptible to diseases such as leaf spots and blight caused by bacterial infections such as xanthomonads campestral. Due to this, by weakening the photosynthesis process, it mainly affects the production of oxygen, which is the byproduct of photosynthesis. Also, this cause damages the health of the plant. Another pest that affects the agarwood industry, which is a valuable plant in the world, is the species of beetle called 'Ambrosia.' Because insects such as the ambrosia beetle mainly cause damage to the agawood plant. These pests enter the tree by piercing the tree and pathogens enter the tree through the holes caused by this entry. Disease infestation has a severe impact on the productivity level of the plant. Foliage damage due to feeding on agarwood foliage by butterfly species can also be indicated as damage to the plant by an insect species. Another common infection condition of this valuable agarwood plant is leaf roll. Also, falling leaves is also an infection condition that can be seen in the agarwood plant and various reasons can be given for this.