අගාවුඩ් ශාක පත්‍ර පතනය වන්නේ ඇයි





අගාවුඩ් ශාක පත්‍ර පතනය වීම කෙරෙහි බලපාන හේතු සාධක කෙරෙහි අවධානය යොමු කිරීමේදී ප්‍රධාන කරුණු කීපයක් කෙරෙහි අවධානය යොමු කල හැක.


 මෙයට ප්‍රධාන විය හැකි ස්වාභාවික හේතුවක් වන්නේ සෘතුමය වෙනස්වීමයි. සියලුම ශාක සෘතුමය වෙනස්වීම් හමුවේ  ඊට දක්වන ප්‍රතිචාරයක් ලෙස පතනශීලී ලක්ෂණය පෙන්වයි.ශාක වල ජීවන චක්‍රයේ එක් අවධියක් වන මෙම පතනශීලී අවධියේ දී අගාවුඩ් ශාකය ද නිරායාසයෙන්ම තම ශාක පත්‍ර පතනයට ලක්කරයි.


වියළි කාලයේදී හෝ සරත් සෘතුවේදී ශාකයේ අන්තර්ගත වන ජලය හා බලශක්තිය  සංරක්ෂණය සදහා අගාවුඩ් ශාකය ද තම ශාක පත්‍ර හැලීමට ලක් කරයි . අධික උශ්ණත්වය ,අධික වර්ෂාපතනය හා නියගය වැනි පරිසර තත්ත්ව හා තද සුළං  වැනි ස්වාභාවික සංසිද්ධි කෙරෙහි ද අගාවුඩ් ශාකය සංවේදී වේ.


මෙසේ පාරිසරික තත්ත්වයන් කෙරෙහි අනුවර්තනයවීමට යාමේදී අගාවුඩ් ශාකය තුල ඇති වන ආතතිමය තත්ත්වය නිසා ශාක පත්‍ර හැලීමට ලක්වේ.එක් පරිසර තත්ත්වයක් සිට තවත් පරිසර තත්ත්වයක් කෙරෙහි අනුවර්තනය වීම ශාකයකටද අභියෝගයක් ගෙන දෙයි.


පෙර විස්තර පත්‍රිකාවේ සදහන් කරන ලද ශාක පත්‍ර වලට ඇතිවන දිලීර හා ආසාදනය තත්ත්වයන්ගෙන් මිදීම සදහා සිදු කරන ස්වයං ආරක්ෂිත යාන්ත්‍රණයක් ලෙසද  මෙසේ ශාක පත්‍ර හැලීමට ලක්කිරීම පෙන්වා දිය හැක.

අගාවුඩ් ශාකය මෙයින් බලාපොරොත්තු වන්නේ තම ශාක පත්‍ර  කෘමීන් සහ දිලීර වැනි පළිබෝධවලින් තොරව පවත්වා ගැනීමයි.


ශාකයක වර්ධනයට ජලය,හිරු එලිය අවශ්‍ය වනවා මෙන්ම ශාකයේ මූලික අවශ්‍යතාවක් වන්නේ නිසි පෝෂණයයි.ශාකයක් වර්ධනයවීම කෙරෙහි පසෙහි තිබිය යුතු පෝෂණ සංඝටක වන නයිට්‍රජන් ,පොස්පරස් හා පොටෑසියම් වැනි අත්‍යාවශ්‍ය පෝෂණ සංඝටකවල ඌණතාවයක් පස තුල හට ගැනීම නිසා පාංශු පෝෂණය ප්‍රමාණවත් නොවීම හේතුකොට ගෙන අගාවුඩ් ශාක පත්‍ර හැලීමට ලක්වීම සිදු වේ.

මෙසේ පෝෂණය ඌණවීම නිසා දුර්වල ශාක පත්‍ර ඇති වීමද සිදු වේ.

මෙම තත්ත්වයෙන් අගාවුඩ් ශාකය මුදවා ගැනීම සදහා ශාකයේ වර්ධනය කෙරෙහි බලපාන පෝෂණ සංඝටක වල අවශ්‍යතාව පිලිබඳව අවධානය යොමු කල යුතුය.



පරපෝෂිතයන්ගේ බලපෑම නිසා ඇතිවන අගාවුඩ් ශාකයේ මුල් කුණුවීම හා පසෙහි දෘඩ බව හා ජලය බැස යාම වැනි තත්ත්වයන් හේතුකොට ගෙන ශාකයේ මූල පද්ධතියට හානි පැමිණුන විට ජලය හා පෝෂක සංඝටක අවශෝෂණය කිරීමේ හැකියාව මූල පද්ධතියට අහිමි වේ.මේ හේතුව නිසා ශාකයේ වර්ධනයට අවශ්‍ය පෝෂණ ස‍‍ංඝටක වල ඌණතාවයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස අගාවුඩ් ශාක පත්‍ර පතනය විය හැක .


අගාවුඩ් ශාකයේ අතු ක්ප්පාදුවේදී හෝ අස්වැන්න නේලීමේදී සිදු කරන වැරදි ක්‍රියාවලීන් නිසාද ශාක පත්‍ර හැලීම සිදු විය හැක.



කෙසේ වෙතත් පළිබෝධ ආසාදන වලින් අගාවුඩ් ශාකයට සිදුවන හානිය මෙන්ම නිසි පෝෂණයක් නොලැබීම නිසාද මෙම වටිනා අගාවුඩ් ශාකයේ පත්‍ර හැලීමට ලක්වීම මෙමගින් විස්තර කෙරුණි.එම නිසා නිසි කලට ජලය, පොහොර හා පළිබෝධනාශක යොදා අගාවුඩ් ශාකයේ සෞඛ්‍ය මට්ටම ඔප්නැංවීම මගින් ශාකයේ පත්‍ර අකලට හැලීයාම වැලැක්විය හැකියි.



Why do agarwood plants drop their leaves?


When focusing on the factors that affect the fall of aga‍rwood leaves, several main points can be focused on.


  A major natural cause of this is seasonal change. All plants show the deciduous characteristic as a response to seasonal changes. In this deciduous phase, which is one of the stages of the life cycle of plants, the agarwood plant naturally sheds its leaves.


In the dry season or autumn, the agarwood plant sheds its leaves to conserve the water and energy contained in the plant. The agarwood plant is also sensitive to environmental conditions such as high temperature, high rainfall and drought, and natural phenomena such as strong winds.


In this way, when adapting to the environmental conditions, the leaves fall due to the stressful situation in the agarwood plant. Adapting from one environmental condition to another brings a challenge to the plant.


It can also be pointed out that shedding the leaves is a self-protective mechanism to get rid of the fungal and infection conditions mentioned in the previous description sheet.

The agarwood plant hopes to keep its foliage free from pests such as insects and fungi.


The growth of a plant requires water and sunlight, and proper nutrition is one of the basic needs of the plant. Due to the lack of essential nutrients such as nitrogen, phosphorus and potassium in the soil, which should be present in the soil for the growth of a plant, agarwood leaves fall due to insufficient soil nutrition. Exposure occurs.

This lack of nutrition also results in weak leaves.

In order to save the agarwood plant from this situation, attention should be paid to the need for nutritional components that affect the growth of the plant.



When the root system of the plant is damaged due to the root rot of the agarwood plant caused by the effect of parasites and the hardness of the soil and water drainage, the root system loses its ability to absorb water and nutrients. For this reason, a response to the lack of nutrients required for the growth of the plant. Agarwood leaves may fall.


Defoliation can also occur due to improper processes during pruning or harvesting of the agarwood plant.



However, it was explained that due to the damage caused to the agarwood plant due to pest infections as well as the lack of proper nutrition, the leaves of this valuable agarwood plant fall off. Therefore, by improving the health level of the agarwood plant by using water, fertilizers and pesticides at the right time, it is possible to prevent the leaves of the plant from falling off prematurely.