විවිධ රටවල අතීතයේ ගවේෂණය කිරීමේදී ශතවර්ශ ගනනාවක් පුරාවට විවිධ රටවල විවිධ සංස්කෘතීන් හරහා සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේදී විවිධ රෝග සදහා ප්‍රතිකාර කිරීමට අගාවුඩ් ශාකය ප්‍රයෝජනයට ගෙන ඇති බව පැහැදිලිවම දැකගත හැක. අගාවුඩ්හි ඇතැයි විශ්වාස කෙරෙන චිකිත්සක ගුණය නිසාවෙන් සාම්ප්‍රධායික වෛද්‍ය කටයුතු සදහා අගාවුඩ් යොදාගැනේ. අගාවුඩ් ශාකය තුල ඇති විවිධ ඖෂධීය ගුණ පිළිබඳ අධ්‍යනය කිරීමට මෙම විස්තර පත්‍රිකාවෙන් බලාපොරොත්තු වේ.
• ඇරෝමාතෙරපි ක්‍රමය
විවිධ හේතු සාධක වල බලපෑම මත පුද්ගලයින් තුල ඇතිවිය හැකි ආතතිය හා කාංසාව වැනි දුර්වල මානසික තත්ත්ව සමනය කිරීම සදහා අගාවුඩ් සුවදට හැකියාවක් ඇති බව හදුනාගෙන තිබේ.
ඩුබායි, සෞදි අරාබිය, ඉන්දියාව, මැලේසියාව, ඉන්දුනීසියාව, කාම්බෝජය, වියට්නාමය ,ලාඕසය, චීනය හා ජපානය වැනි මැදපෙරදිග හා ආසියානු කලාපයේ රටවල් මෙම ඇරෝමා තෙරපි ක්‍රමය යොදා ගැනේ අගාවුඩ් වලින් නිපදවෙන සුවඳ තෙල් සහ සුවඳ දුම්වලින් මනස සන්සුන් කර මානසික සුවයක් ලබා දෙයි.
• ආහාර දිරවීමේ ආධාරකයක් ලෙස
ආහාර ජීරණ පද්ධතියේ නිසි ක්රියාකාරීත්වය සඳහා සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව තුළ මෙම අගාවුඩ් ශාකය ප්‍රතිකර්ම කටයුතු සඳහා යොදා ගැනේ. ආහාර දිරවීමට හා ආහාර අජීරණය සමනය කිරීමට අගාවුඩ් වලට හැකියාව තිබේ .එමෙන්ම ස්වභාවික හා මෘදු ආහාර ජීරණ ආධාරකයක් ලෙස මෙම ශාක සාරීය පිළියම භාවිතා කළ හැක. පාචනය වැනි රෝග සමනය කරලීමේ හැකියාව ද අගාවුඩ් වලට පවතී. කෙසේ වෙතත් මෙම ක්‍රමය ක්‍රමය භාවිතා කිරීමේදී පළපුරුදු සෞඛ්‍ය සේවා වෘත්තිකයෙකුගේ සහාය අත්‍යවශ්‍ය වේ.
• ශ්වසන ආබාධ සදහා
ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගී තත්ත්ව වන කැස්ස හා ඇදුම වැනි රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර තත්වයන්ට ප්‍රතිකාර කිරීමට ද අගාවුඩ් වලට හැකියාව තිබේ .අගාවුඩ් චිපස් හෝ සුවඳ තෙල් හෝ සුවද දුම් වල සුවඳ මෘදු ලෙස මෘදු ලෙස ආශ්වාස කිරීම මගින් මෙම රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර කළ හැකි බව සඳහන් වේ.
• වේදනා නාශකයක් ලෙස
හිසරදය, සන්ධි සහ මාංශ මාංශ පේශි වල හටගන්නා වේදනා තත්ත්ව කෙරෙහි වේදනා නාශකයක් ලෙස භාවිතා කිරීමේ හැකියාව අගාවුඩ් වලට පවතී . අගාවුඩ් තෙල් බින්දු දෙකක් හෝ තුනක් වේදනාව ගෙන දෙන ස්ථානයේ ආලේප කර හොඳින් සම්බාහනය කිරීම තුළින් වේදනාව සමනය කරගත හැකි බව සාම්ප්‍රදායික ආයුර්වේදයේ සඳහන් වේ.
• රීරයේ හටගන්නා දැවිල්ල සදහා
ශරීරයේ හටගන්නා යම් ආසාදනයක් ,තුවාලයක් හෝ දද කුෂ්ට රෝග නිසා ඇතිවන දැවිල්ල සමනය කිරීමේ හැකියාව ද අගාවුඩ් වලට පවතී.
• මානසික සෞඛ්‍ය සදහා
සන්සුන් හා පැහැදිලි මානසික සෞඛ්‍යයකින් යුක්තව අවධාන ශක්තිය හා මතක ශක්තිය වැඩවීමේ හැකියාව ඇති අගාවුඩ් මානසික සෞඛ්‍ය කෙරෙහි යහපත් බලපෑමක් ඇති කරන බව සනාථ කරයි. මෙය ආගමික වශයෙන් සිදුකරන ආගමික වතාවත් වල දී හා වත් පිළිවෙත් වලදී ඉතා ඉහළින් ගෞරවයට පාත්‍ර වන අතර මානසිකව සන්සුන් වාතාවරණයක් ඇති ඇති කිරීමට අගාවුඩ් සමත්වන බව පිළිගත යුතුය.
0 Comments